• චිත්ත සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන

මිරිසවැටිය මහා චෛත්‍ය රාජ‍යාගේ සලපතල මළුව සංවර්ධනය කිරීම


මිරිසවැටිය මහා චෛත්‍යය රාජ‍යා දුටුගැමුණු රජතුමා විසින් බු.ව 161-137 කාලයේදී ඉදිකරන ලදී.

පසුව මෙසේ සංවර්ධනය වූ වගයි.

එනමුදු සලපතල මළුව සංවර්ධනය කළ යුතුව තිබේ.

එම භාරදූර කර්තව්‍ය මෙත් සවිය මගින් නිමකල වගයි...

 

මිරිසවැටිය මහා චෛත්‍ය රාජ‍යාගේ සලපතල මළුව සංවර්ධනය කිරීම

මිරිසවැටිය මහා චෛත්‍ය රාජ‍යාගේ සලපතල මළුව සංවර්ධනය කිරීමේ භාර දූර කර්තව්‍ය මෙත් සවිය මගින් 2007-02-04 දින ඇරඹූ වගයි.

චෛත්‍යය මළුවේ දිග අඩි             272

චෛත්‍යය මළුවේ පළල               272

චෛත්‍යය මළුවේ හතරැස් අඩි ගණන        272×272 73984

චෛත්‍ය සඳහා අඩුකිරීම (2/3)      49323.66

මළුවේ ගල් ඇතිරීම සඳහා ඉතිරිවන

වර්ග ප්‍රමාණය                            24661.33

වර්ග මීටර් එකක් සඳහා               රු.8700.00

වර්ග අඩියක් සඳහා                     රු.850.00

මුළු වියදම                                 850 × 24661.33

                                                රු. 20962130.50



පිළිකුත්තුව රජ මහා විහාරයේ භාවනා මධ්‍යස්ථානයක් සහ  භාවනා කුටි තැනීම


මෙත් සවිය මගින් රහතුන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් අනු නවයක් සහිත පිළිකුත්තුව රජ මහා විහාරයේ භාවනා මධ්‍යස්ථානයක් සහ  භාවනා කුටි තැනීම අරඹා ඇත.

පිළිකුත්තුව රජ මහා විහාරය අක්කර 48ක වපසරියක් යුතුයි. මෙම‍ විහාරයට වළගම්බා රජුගේ දායකත්වය ද ලැබී ඇති බව ඉතියාසයේ කියැවේ. මෙහි ජනප්‍රවාද කිහිපයකි. කැළණිතිස්ස රජු‍ගේ මහිලණුවන්ගේ සිවුරු සැගවූ හෙයින් මෙම ස්ථානයට පිළිකුත්තුව වූ බව ද, වළගම්බා රජු ඇතුළු සේනාවට රෙදි සාදන ලද ගම වූ බැවින් පිළිකුත්තුව වූවා යැයි ද ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම වෙහෙර බිමට අයත්, නුවර යුගයට අයත් සිතුවම්, ආවාස ගෙය, සෙල් ලිපි ලී පාලම සහ ගල්ලෙන් 99ක් සහිත භූමි ප්‍රදේශය ඉපැරණි ඉතිහාසයක සාධක මනාව පිළිබිඹු කරයි.

 

ගමන් මග: කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියෙන් වතුරගම මාර්ගයේ කි.මි. 5ක් පමණ පැමිණ එතැනින් පිළිකුත්තුව හන්දියෙන් කි.මි. 1ක් පමණ ඉදිරියට යා යුතුය.



වැල්ලවත්ත ශ්‍රී විජයාරාම‍යේ සර්භිත ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.

ශ්‍රී විජයාරාමයේදී පවත්වා‍ගෙන යනු ලබන ශ්‍රී විජයාරාම‍යේ ඉපැරණි ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමට අප සංසදයට හැකිවිය. විශාල පිරිවැයක් යොදවා සිදුකල මෙම පුණ්‍ය කටයුත්තට මෙත් සවිය සාමාජික සාමාජිකාවන්ගේ පිංබර සහභාගිත්වයෙන් සිදුවිය.ටයිල් ඇල්ලීමේ සිට වහල දක්වා සිදු කිරීමට නියමිත මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අප විසින් පහසු ගෙවීමේ ක්‍රමයට ටයිල් කැට ‍ගෙනැවිත් කාර්යාලය ඉදිරිපිට තබා ඇත. ඔබට හැකි ප්‍රමාණයක්   ටයිල් කැට වලට කාර්යාලයට මුදල් ගෙවා මෙම පුණ්‍ය කටයුත්තට දායක වී  අටවන කුසල් ගණයට අයත් වන මෙම මහගු අවස්ථාව  උදාකර ගන්න. එක් ටයිල් කැටයක වර්ග ප්‍රමාණය සඳහා වැයවන මුදල  රු.450/- කි.(පොළවේ  සිට වහලය තෙක් වර්ග අඩියක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා )

 

 
See More:
Home
Project
About Us
Contact Us
  • PICTURE GALLAERY
.