• මෙත් සවිය පසුගිය වැඩසටහන්
  • 0203/12

    සාර්ථක ඉගෙනීම හා විභාග සමත් වීමේ නවීන ක්‍රමවේද වැඩමුළුව


    සාර්ථක ඉගෙනීම හා විභාග සමත් වීමේ නවීන ක්‍රමවේද වැඩමුළුව. මෙදින මාසික රැස්වීම වෙනුවට වසරකට වරක් මහාචාර්ය චන්දන ජයරත්න මහතා මෙත් සවිය සංසදයේ සාමාජිකයින් හා ඔවුන්ගේ දරුවන් සඳහා නොමිලයේ පවත්වන මෙම වැඩමුළුව 2012 මාර්තු 4 ඉරු දින කොළඹ 07 ග්‍රීන් පාත් හිදි පැවැත්විය.

     
  • 1112/11

    මාසික පලමු ඉරු දින ධර්ම දේශනාව

    2011 දෙසැම්බර් 4 මාසික පලමු ඉරු දින ධර්ම දේශනාව බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ප.ව. 2.00 පවත්වනු ලැබේ.

  • 2407/11

    අංගොඩ මානසික රෝහලේ නේවාසික රෝගීන්ගේ අවශ්‍යතා ඉටු කිරීම

    අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන 150 දෙනෙකුට පහත සඳහන් අවශ්‍යතා සපුරාලීමට බලාපොරොත්තුවේ.


    01. සරොම් 150
    02. ප්ලාස්ටික් පිඟන් 150
    03. පැදුරු 150
    04. මේස් බැනියම් 150
    05. ප්ලාස්ටික් කෝප්ප 150

    මේ සඳහා එක් කට්ටලයක් වෙනුවෙන් අවම වශයෙන් රු:1000 ක් පමණ වියදමක් දැරීමට සිදුවේ. සම්බන්ධ වීමට කැමැති පිංවතුන් කාර්යාලයට දැනුම් දෙන්න. මේ සඳහා ජූලි 24 ඉරිදා උදේ 09.30 ට වැල්ලවත්ත විජයාරාමයෙන් පිටත්වීමට බලාපොරොත්තු වේ. මෙයට සහභාගීවන අය මෙත් සවිය කාර්යාලයට දැනුම් දෙන්න. සිරිත් පරිදි එදින භාවනා වැඩසටහන ප.ව. 2.00 ට විජයාරාමයේදී පැවැත්වේ.

    මේ සඳහා ජූලි 24 ඉරිදා උදේ 09.30 ට වැල්ලවත්ත විජයාරාමයෙන් පිටත්වීමට බලාපොරොත්තු වේ. මෙයට සහභාගීවන අය මෙත් සවිය කාර්යාලයට දැනුම් දෙන්න. සිරිත් පරිදි එදින භාවනා වැඩසටහන ප.ව. 2.00 ට විජයාරාමයේදී පැවැත්වේ.

  • 0307/11

    2011 ජූලි - මාසික පලමු ඉරු දින ධර්ම දේශනාව

    2011 ජූලි මස පලමු ඉරු දින ධර්ම දේශනය, ආචාර්ය චන්දන ජයරත්න මහතා විසින්, 2011 ජූලි 03 වන ඉරිදා ප.ව. 1.00 සිට කොළඹ 07, බෞද්ධාලෝක මාවත, ධර්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්වේ.

  • 2906/11

    මෙත් සවිය ගරු සාමාජික අරිසෙන් අහුබුදු ශූරීන්ගේ අභාව ප්‍රාප්තවීම සංවේගයෙන් දන්වමු

    මෙත් සවිය ගරු සාමාජික අරිසෙන් අහුබුදු ශූරීන්ගේ අභාව ප්‍රාප්තවීම සංවේගයෙන් දන්වමු. 2011 මැයි 29 ඉරු දින ප.ව. 2:00 ට අවමගුල් පෙරහැර ගල්කිස්ස කලාපුර නිවසේ සිට බොරැල්ල කනත්ත දක්වා පිටත්වේ ආචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුලු මෙත් සවිය සාමාජිකත්වය ප.ව. 2:30 ට වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසලදී අරිසෙන් අහුබුදු ශූරීන්ගේ දෙනට සමන් මල් ඉස එම පෙරහැරට එකතු වීමට සැලසුම් කර ඇත.
    සමන් මල් රැගෙන සුදුවතින් සැරසී එම වේලාවට කලින් වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසලට පැමිණෙන ලෙස මෙත් සවිය සාමාජික සාමාජිකයින්ට ඇරයුම් කරමු

  • 0806/11

    2600 සම්බුද්ධ ජයන්තිය එලඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් මෙත් සවිය සංවිධානය කරන ලේ දන්දීමේ පින්කම

    2600 සම්බුද්ධ ජයන්තිය එලඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් මෙත් සවිය සංවිධානය කරන ලේ දන්දීමේ පින්කම - 2011 මැයි 08 ඉරිදා පෙරවරු 8 සිට දහවල් 12 දක්වා පැවැත්වේ. මරණාසන්න රෝගියකුගේ ජීවිතය බේරාගැනීම මහත්ඵල මහානිශංස පින්කමක් බැවින්, ඔබගේ ලේ පරිත්‍යාහ කරන ලෙස කැමති සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිමු.

  • 0304/11

    මීලඟ දාන-සීල-භාවනා වැඩසටහන සහ සදහම් චාරිකාව කලපලුවාව ආරණ්‍ය සේනාසනයේදී

    ලිපිනය - ගෝතම තපෝවනය, කලපලුවාව, මුල්ලේරියාව, නව නගරය
    අපගේ මීලඟ ත්‍රෛමාසික දාන සීල භාවනා වැඩසටහන 2011 අප්‍රේල් මස 03 වන ඉරු දින රාජගිරිය කලපලුවාව ගෞතම තපෝවනයේදී පැවැත්වේ.
    මෙයට සහභාගී වන සාමාජිකයන් සහ තම පවුලේ සාමාජිකයන් සිල් සමාදන් වීමට සුදුසු සුදු ඇඳුමකින් සැරසී පැමිණිය යුතුය. මෙදින හීල් දානය එදින පැමිණෙන විට හීල් දානය හා දහවල් දානය සඳහා ඔබට සහ තවත් කෙනෙකුට සෑහෙන සේ පළතුරු රැගෙන එන්න. මෙත් සවිය භාවනා පවුල්වල සාමාජිකයින් එක් වී අවශ්‍ය දානය රැගෙන ඒමද සිදු කළ හැකිය. පානය සඳහා කුඩා වතුර බෝතලයක්, කෝප්පයක්, රැගෙන එන්න. ඉඳගෙන භාවනා කිරීම සඳහා පත්කඩයක්, කුෂන් එකක් හෝ කුඩා කොට්ටයක් වැනි යමක් ගෙන ආවාට කම් නැත. පොලිතීන් භාවිතා නොකල යුතුය.
    තපෝවනය භාවනා මධ්‍යස්ථානයේ භාවනායෝගී ස්වාමීන් වහන්සේලා 35 නමක් හා ගිහි යෝගීන් කිහිප දෙනෙකු වැඩ වසති. මෙදින හීල් දානය, දවල් දානය හා ළමා නිවාසයට දානය මෙත් සවියෙන් පිරිනැමේ. මෙම භාවනා මධ්‍යස්ථානයට පිරිකර පූජා කිරීමට කැමති භවතුන් භාවනා මධ්‍යස්ථානයට දැනට හිඟව පවතින පහත සඳහන් ද්‍රව්‍ය වලින් යමක් පූජා කල හැක.


    .  මදුරු දඟර, රෙදි පාපිසි, බල්බ්, ඉදල්, සබන්, දත්බෙහෙත්, ඉටිපන්දම්, ටෝච් (විදුලි පන්දම්), පෙන්ටෝච් බැටරි
    .  කඩදාසි, ලිවීම සඳහා රූල් පොත්, පැන්සල්, පෑන්, ලිපිද්‍රව්‍ය සහ සදුසු පිරිකර
    ..  නඩත්තු කටයුතු සඳහා මුදල් පරිත්‍යාග

    ඉහත ද්‍රව්‍යවලින් ඔබට හැකි දේ සහ සුදුසු පිරිකර රැගෙනවිත් එදින පූජා කල හැක. මීට අමතරව මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු (තීන්ත ආලේපන වැනි ) සදහා මුදල් පරිත්‍යාගයන්ද කළ හැක. (මේ පිලිබද වැඩි විස්තර අවශ්‍ය නම් මෙත් සවිය දාන ශීල භාවනා වැඩසටහනේ සංවිධායක සරත් ඉලංගතිලක මහතා වෙත දු.ක. 071 434 0107 මගින් අමතා දැනගත හැක. )

    සහභාගී වන අය වෙනුවෙන් ගිලන්පස පූජාව (උදේ-සවස ) දීමට කැමති අයට භාරගත හැක. (මෙත් සවිය කාන්තා කමිටුව හෝ කාර්යාලයට දන්වන්න.)ආරණ්‍ය සේනාසනයේදී පෙ.ව. 08.30 ට සිල් සමාදන් වී ධර්ම දේශනා, භාවනාවේ යෙදීම් සහ ආරණ්‍ය සේනාසනයට අවශ්‍ය ද්‍රව්‍ය පූජා කිරීම් ප.ව. 03.00 දක්වා පැවැත්වේ.

    එදින පෙ.ව. 8.00 වන විට කලපලුවාව ගෞතම තපෝවනයේදී අටසිල් දීමට බලාපොරොත්තු වන බැවින් පුද්ගලිකව පැමිණෙන පිංවතුන් පෙ.ව. 8.00 වන විට තපෝවනයට පැමිණ සිටිය යුතුය. (බොරැල්ල බස් නැවතුම්පලෙන් අංක 150 බස් රථයෙන් පැමිණෙන විට තපෝවනය අසලින් බැසීම සිදු කළ හැකිය. ලිපිනය - ගෝතම තපෝවනය, කලපලුවාව, මුල්ලේරියාව, නව නගරය.)

    මෙදින කොළඹ සිට මෙත් සවිය සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ප්‍රවාහන පහසුකම් සඳහා බස් රථ කීපයක් සූදානම් කර ඇත.

    මීට අමතරව මෙත් සවිය මගින් වැල්ලවත්ත ශ්‍රී විජයාරාමයෙන් පෙ.ව. 7.30 ට බස් රථයක්ද, කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ධර්ම ගවේශී බෞද්ධ ආශ්‍රමය අසලින් පෙ.ව. 7.45 ට බස් රථයක්ද තපෝවනය බලා පිටත් කිරීමට කටයුතු යොදා ඇත. වැඩි විස්තර සම ලේකම් චමින්ද මහතා අමතා (077 739 0906/ 077 779 0076) දැන ගත හැක. ප.ව. 4.00 ට වැඩසටහන අවසන් වූවාට පසු අවශ්‍ය අයට බොරැල්ලට පැමිණීමටද බස් රථ සේවාව යොදවා ඇත. මේ සඳහා වැල්ලවත්ත/බොරැල්ල සිට යොදා ඇති මෙත් සවිය බස් රථ යොදාගන්නේ නම්, ඒ සඳහා බරපැන එක් අයෙකුට රු. 100/- ක් ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබාගන්න.

    අප්‍රේල් 03 දින පෙ.ව. 07.30 ට වැල්ලවත්ත විජයාරාමයෙන් බොරැල්ල ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයෙන් බස් රථ පිටත්වේ. මෙම පිටත්වන වේලාව ප්‍රමාදවීමෙන් භාවනා කටයුතු සීමාවෙන බැවින් පෙ.ව. 07.30 ටම බස් රථ පිටත්වන බැවින් ඊට පෙර පැමිණෙන ලෙස සහභාගීවන සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    බස් රථ සඳහා පැමිණෙන අය කාර්යාලයට දැන් විය යුතුය. කාර්යාලය සෙනසුරාදා, ඉරිදා විවෘතව ඇති අතර දුරකතන අංක 071-401 4467 අමතා විස්තර දැනගත හැකිය.

  • 0603/11

    සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන ක්‍රම පිළිබඳ වැඩමුළුව

    " උගත මනා ශිල්පයමයි මතු රැකෙනා "


    01 Accelerated Learning Techniques
    02 High Speed Reading/ Writing
    03 Memory Improving Techniques
    04 NLP and Mind Maps
    05 Identification of Auditory, Visual and Kinesthetic sub Modalities
    06 Preparation for Exams


    මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය මගින් සාමාජිකයින් සඳහා නොමිලයේ පවත්වනු ලබන සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන ක්‍රම පිළිබඳ වැඩමුළුව 2011-03-06 වෙනි ඉරිදා ප.ව. 1.00 - 5.00 දක්වා බොරැල්ල YMBA ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

    සංසදයේ සාමාජිකයින් නොවන අයටද මේ සඳහා සහභාගි විය හැකිය. ඒ සඳහා අප පරිපාලන නිලධාරී අමතා 2011-03-05 වෙනි දිනට පෙර ලියාපදිංචි විය යුතුය. ප්‍රධාන දේශනය ආචාර්ය චන්දන ජයරත්න මහතා විසින් සිදු කෙරෙන අතර, මෙදිනට සති පතා ඉරු දින සවස පැවැත්වෙන සමථ - විදර්ශනා භාවනා වැඩ සටහන නොපැවැත්වේ.

    21 වන සමථ - විදර්ශනා භාවනා ත්‍රෛමාසික වැඩ සටහන 2011 මාර්තු මස මැද දී ආරම්භ වේ. සහභාගී වීමට කැමති අය පහත සඳහන් ලිපිනයෙන් විමසන්න.

    ලේකම්, මෙත් සවිය, ශ්‍රී විජයාරාමය, පෙඩ්‍රිකා පාර, වැල්ලවත්ත, කොළඹ 06.දුරකථන අංකය: 071 401 4467

  • 0602/11

    හයවන මහා සමුළුව සහ මෛත්‍රී භූෂණ උපහාර ප්‍රදානෝත්සවය

    න්‍යාය පත්‍රය


    පස්වරු 2.00 - සාමාජිකයින්ගේ පැමිණීම
    පස්වරු 2.30 - ගරුතර මහා සංඝරත්නය වැඩම කරවීම
    පස්වරු - අමුත්තන් පිළිගැනීම සහ කැඳවාගෙන ඒම
    පස්වරු 2.40 - පොල්තෙල් පහන දැල්වීම
    පස්වරු 2.45 - ජාතික ගීය -මුලසුන හෙබවීම, ශ්‍රී ධර්ම රක්ෂිත අමරපුර මහානිකායේ මහානායක ධුරන්දර රාජකීය පණ්ඩිත වැලිගම ශ්‍රී ඤානරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
    පස්වරු 2.50 - මල් පහන් පුදා ආජීව අෂ්ඨමක සීලය සමාදන් වීම
                        - මෙත් සවිය තේමා පාඨය කියවීම
                        - පිළිගැනීමේ කථාව ( මෙත් සවිය සභාපති ආචාර්ය චන්දන ජයරත්න මහතා)
    පස්වරු 3.00 - පූජ්‍ය පාද විශ්වකීර්ති සිසිලචන්ද්‍ර මෛත්‍රීය හිමිපාණන් වහන්සේගේ උපහාර සම්මානය වෙනුවෙන් හේතු පාඨ කියවීම සහ සම්මානය පිරිනැමීම
    පස්වරු 3.05 - දේශමාන්‍ය, කත්‍රිආරච්චිගේ දොන් නිහාල් විජේරත්න මහතාගේ උපහාර සම්මානය වෙනුවෙන් හේතු පාඨ කියවීම සහ සම්මානය පිරිනැමීම
    පස්වරු 3.10 - පූජ්‍ය පාද විශ්වකීර්ති ආචාර්ය සිසිලචන්ද්‍ර මෛත්‍රීය හිමිපාණන් වහන්සේගේ කෙටි දේශනාව
    පස්වරු 3.15 - දේශමාන්‍ය, කත්‍රිආරච්චිගේ දොන් නිහාල් විජේරත්න මහතාගේ කෙටි දේශනය
    පස්වරු 3.20 - ස්තූති කථාව (මෙත් සවිය ලේකම් තුසිත දොඹගොඩ මහාතා)
    පස්වරු 3.25 - තේ පැන් සංග්‍රහය සහ උපහාර ප්‍රදානෝත්සවයේ නිමාව
    පස්වරු 3.30 - අමරපුර සංඝ සභාවේ ලේඛකාධිකාරී, සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්යය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, කොටුගොඩ ධම්මවාස අනුනායක ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව
    පස්වරු 4.30 - මහා සමුළුව වාර්ෂික වාර්තාව, වාර්ෂික අයවැය වාර්තාව, නව නිළධාරී මණ්ඩලය පත්කර ගැනීම
    පස්වරු 5.00 - වැඩසටහන් නිමාව

  • 0801/11

    ජලජ ජීවිතාරක්ෂ පුහුණු පාඨමාලාව

    2011 ජනවාරි 08 - සෙනසුරාදා ප.ව.2.00ට ජලජ ජීවිතාරක්ෂ පුහුණු පාඨමාලාව ආරම්භ වේ.

  • 0602/11

    මෙත් සවිය වාර්ෂික මහා සභා රැස්වීම

    2011 පෙබරවාරි 06 ඉරු දින - මෙත් සවිය වාර්ෂික මහා සභා රැස්වීම, 2010 අයවැය ඉදිරිපත් කිරීම හා නිලධාරි මණ්ඩලය පත්කරගැනීම ප.ව. 3.00ට පැවැත්වේ. කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්වෙන ධර්ම දේශනාව අවසානයේදී මෙය පැවැත්වේ. එදින සාකච්චාව සඳහා නවයෝජනා ඇතිනම් කාර්යාලයට බාරදෙන්න. මෙතෙක් සාමාජිකත්වය අලුත් නොකර ඇති සියලුම දෙනා වාර්ෂික මහා සභා රැස්වීමට පලමුව සාමාජිකත්වය අලුත් කරගන්නා ලෙස ඉල්ලමි. එදිනට අනුපමේය සේවයක් කර ඇති පුද්ගලයන්ට මෙත් සවිය ගෞරව උපහාර සම්මාන පිරිනැමීමට බලාපොරොත්තු වේ.

  • 0603/11

    සාර්ථකව ඉගෙනීම හා විභාග සමත්වීමේ නවීන ක්‍රමවේද වැඩමුලුව

    ඉගෙනීම යනු උපතේ සිය මරණය දක්වාම මිනිසා විසින් සිදුකරන ක්රිරයාවලියකි. 2011-03-06 ඉරිදා ප.ව.1.00 සිට 5.00 දක්ව බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී (බොරැල්ලYMBA ) ආචාර්ය චන්දන ජයරත්න මහතා මෙත් සවිය සංසදයේ සාමාජිකයින් හා ඔවුන්ගේ දරුවන් සඳහා නොමිලයේ පවත්වන ඉගෙනීමේ වැඩමුලුවට සහභාගී විය හැකිය. සාමාජික භාවතා සමඟ පැමිණීම හෝ ලමුන් තනිව පැමිනෙන්නේ නම් උප්පැන්න සහතිකයේ පිටපතක් හා සාමාජිකයාගේ ලිපියක් රැගෙන ආවිට නොමිලයේ සහභාගී විය හැකිය. එක් සාමාජිකයෙක් සඳහා එක මුද්‍රිත සටහනක් පමණක් සැපයේ.

    සාමාජික නොවන බාහිර සිසු සිසුවියන්ට හා අන් අයටද සහභාගී විය හැකි අතර ඒ සඳහා රු 500/= මුදලක් එදිනදී අය කෙරේ. මේ සඳහා 2011-03-05 දිනට පෙර 071-401 4467 අමතා ලියාපදිංචි වන්න.

    වයස 14ට වැඩි ඕනෑම අයෙකුට සහභාගී වී ඉතා කෙටි කලක් තුලදී ඵල නෙලාගතහැකි අධිවේගී ඉගෙනුම් ශිල්ප ක්‍රම, NLP ක්‍රමවේදය හා චිත්ත රූප, ඈසීමේ දැකීමේ හා දැනීමේ මනෝවිද්යාංනුකූල ක්‍රම, සාර්ථිකව විභාග සමත්වීමට පිළිතුරු ලියන ක්‍රම (Accelerated Learning Technique, High Speed reading/writing, Memory improving techniques, NLP and Mind Maps, Identification of auditory, visual and kinesthetic sub modalities, Preparation for exams, etc�) ආදී ක්‍රමවේදයන් මෙහිදී ප්‍රායෝගිකව හඳුන්වාදේ. පටිගත කිරීමට අවසර දෙනු ලැබේ.

    සාමාජික කණ්ඩායම් අංක 01 සිට 16 දක්වා මීට ඉහත මෙම වැඩසටහනට සහභාගී වී ඇති සාමාජිකයින් ඔවුන් වෙත ඇති මුද්‍රිත සටහන් රැගෙන ඒමට කාරුණික වන මෙන් ඉල්ලාසිටිමි.

  • 0101/11

    2011 වසරේ ප්‍රථම හීල් දානමය පුණ්‍ය කර්මය

    2011 ජනවාරි 01 - වසරේ ප්‍රථම හීල් දානමය පුණ්‍ය කර්මයට සහභාගී වීමට කැමති මෙත් සවිය සාමාජිකයන් පෙ.ව.06.00 ට පෙර කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණිය යුතුය. පෙ.ව. 06.30 ට කේශ ධාතූන් වහන්සේ වෙත බුද්ධ පූජාව හා පෙ.ව. 07.00 ට මහා සංඝරත්නයට හීල් දානය පිලිගැන්වේ.

    මේ සඳහා අවශ්‍ය කිරිබත්, ලුණු මිරිස්, ආප්ප, ඉඳිආප්ප, පරිප්පු, අල හොදි, සීනි සම්බෝල, මුං ඇට, කඩල, පලතුරු, කැවිලි, පිරිකර ආදී දානමය ද්‍රව්‍ය, කැමති අයට රැගෙනවිත් පූජාව සඳහා තැබිය හැකිය. මේ සඳහා වැඩි විස්තර ගරු ලේකම් තුසිත දොඹගොඩ මහතා (දු.ක. 071 445 4411) ගෙන් ලබාගත හැකිය.

  • 0201/11

    2011 ජනවාරි - මාසික පලමු ඉරු දින ධර්ම දේශනාව

    2011 ජනවාරි 02 - මාසික පලමු ඉරු දින ධර්ම දේශනාව 2011-01-02 ඉරිදා ප.ව. 1.00 සිට කොළඹ 07, බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්වේ. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි වනවාසී සංඝ සභාවේ කෑගලු දිසා අනුශාසක කර්මවාගාචාර්ය සල්ගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍ය හැඳල දමිත හිමිපාණන් විසිනි.

    2011 මෙත් සවිය දින දර්ශනය මෙදින ලබාදීමට බලාපොරොත්තු වේ.

  • 1710/10

    මෙත්සවිය සාමාජිකයින්, සාමාජිකයින්ගේ පවුලේ අය සහ ආර්ථික දුබලතා සහිත දන්නා හඳුනන අය සඳහා නොමිලයේ ඇස් පරික්ෂාව 2010.10.17 ඉරුදින පෙ.ව.9.30 සිට ප.ව.2.30 දක්වා වැල්ලවත්ත විජයාරාමයේදී සිදු කෙරේ. අවශ්‍ය අය සඳහා නොමිලයේ ඇස් කණ්නාඩි තනා ලබාදෙන්නෙමු.

  • 0611/10

    කිලිනොච්චිය ලුම්බිණි විහාරයේ වැසිකිලි පද්ධතිය පූජා කිරීම

    යාපනය/නාගදීප වන්දනාවේ යන ලක්ෂගනනක් වන බැතිමතුන්ට පැය 12 පමණ ගමන් කාලය තුල අතරමගදී අවශ්‍ය වැසිකිලි පහසුකම් නොමැති නිසා සාමජිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් තනා නිමි කරන ලද වැසිකිලි 8ක් හා යූරිනල් 2ක් සහිත නව වැසිකිලි පද්ධතිය කිලිනොච්චිය ලුම්බිණි විහාරයට පූජා කිරීමේ උත්සවය 2010.11.06 දින පෙ.ව.7.00ට සිදු කිරීමට සැලසුම් යොදා ඇත.

    මේ ගමනේදී කාලය ඉතිරි වන පරිදි නාගදීපය හැර යාපනයේ දඹකොල පටුන (ශ්‍රී මහා බෝධිය ලංකාවට ගොඩබට තොටුපලා, කීරමලේ මුහුදු වෙරලේ මිරිදිය පොකුණ, කන්දරෝඩි චෛත්‍ය සංකීර්ණය, නල්ලූර් කෝවිල, පතුල නැති ලිඳ, යාපනය කොටුව නැරඹීමට බලාපොරොත්තු වේ.

    මාන්කුලම තැනීමට අදහස් කල තාවකාලික වැසිකිලි සඳහා රු.40,000ක මුදලක් නාගදීප චාරිකාවේදී සාමජිකයන්ගෙන් එකතු වූ අතර ඒ මුදල් යොදවන කිලිනොච්චිය ලුම්බිණි විහාරයේ ස්ථිර වැසිකිලි පද්ධතිය සඳහා දැන් මුදලින් ආධාර කල හැකිය. නැවතීමට සහ වෙනත් පහසුකම් නැති බැවින් සාමාජිකයින් පමණක් සහභාගි කරගන්නා අතර මෙම වැසිකිලි පද්ධතිය සඳහා කල සාමාජිකයින්ට සහ 19 වන කණ්ඩායමට ප්‍රමුඛතාව හිමිවේ.


    . නොවැම්බර් 05: රාත්‍රී 8.00ට වැල්ලවත්ත විජයාරාමයෙන් බස් රථ පිටත්වීම.

    . නොවැම්බර් 06: පෙ.ව.6.00ට කිලිනොච්චිය ලුම්බිණි විහාරයට ලඟාවීම.

    . පෙ.ව.7.00ට කිලිනොච්චිය ලුම්බිණි විහාරයේ වැසිකිලි පූජාකිරීම.

    . පෙ.ව.7.30ට කිලිනොච්චිය ලුම්බිණි විහාරයේදී උදේ ආහාරය.

    . පෙ.ව.8.00ට කිලිනොච්චියෙන් පිටත්වීම.

    . පෙ.ව.10.30ට යාපනයට ලඟාවීම.

    . පෙ.ව.10.30-ප.ව.4.30 දවල් ආහාරය, යාපනය නැරMඊම.

    . ප.ව.4.30-ප.ව.6.00 යාපනයේ සාප්පු සවාරිය.

    . ප.ව.6.00 යාපනයෙන් කොලMඅට පිටත්වීම.

    . ප.ව.8.00 අනුරධපුරයේදී රාත්‍රී ආහාරය.

    . නොවැම්බර් 07: පෙ.ව.5.30 ට වැල්ලවත්ත විජයාරාමයට ලඟාවීම.

  • 0512/10

    දෙසැම්බර් මාසික පලමු ඉරු දින ධර්ම දේශනාව සහ ධර්ම සාකච්චාව

    2010 දෙසැම්බර් 05 වන ඉරු දින - මෙදින මාසික පලමු ඉරු දින ධර්ම දේශනාව සහ ධර්ම සාකච්චාව කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ප.ව.2.00-4.30 පැවැත්වේ. දේශකයානන් වන්නේ අති පූජ්‍ය තන්තිරිමුල්ලේ සරණ ස්වාමීන්ද්‍රයන් වහන්සේයි.

  • 0310/10

    දානසීල භාවනා වැඩසටහන සහ සදහම් චාරිකාව

    අපගේ ත්‍රෛමාසික දානසීල භාවනා වැඩසටහන 2010-10-03 ඉරුදින සිංහරාජ බෙරලිය මූකලානේ දියවැටි කන්දේ පිහිටි තපෝවන සෙනසුනේදී පැවැත්වේ. මෙදින කොලඹ සිට සහභාගී වන අප සාමාජිකයින්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා බස් රථ පහසුකම් සඳහා බස් රථ 10 පමණ වෙන්කර තිබේ.

    2010-10-03 ඉරුදින පෙ.ව. 6.00ට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ධම්ම ගවේශි බෞද්ධ ආශ්‍රමයෙන් බස් රථ කීපයක් පිටත්වන අතර සියළු බස් රථ පෙ.ව.6.15ට වැල්ලවත්ත පෙඩ්රිකා පාරේ ශ්‍රී විජයාරාමයෙන් පිටත්වේ.

    එදිනට පැමිනෙන සියළු දෙනා සිල් ගැනීමට සුදුසු ඇඳුමකින් සැරසී පැමිනිය යුතුය.එදින හීල් දානය හා දවල් දානය සඳහා තම තමන් විසින්ම පලතුරු වෙනත් අයකුට සෑහෙන සේ රැගෙන එන්නේ නම් මැනවි. පානීය ජලය එම ස්ථානයේ ඇත, අවශ්‍ය නම් බෝතලයක් රැගෙන එන්න.

    ඉඳගෙන භාවනා කිරීම සඳහා කුෂන් එකක් හෝ කුඩා කොට්ටයක් වැනි (ඉටිකොල හැර) යමක් රැගෙන ආවාට කම් නැත.

  • 1710/10

    නොමිලයේ ඇස් කණ්නාඩි පරික්ෂාව හා ඇස් කණ්නාඩි ලබාදීම

    සාමාජිකයින් සඳහා සහ සාමාජිකයින්ගේ පවුල්වල අය සඳහා නොමිලයේ ඇස් කණ්නාඩි පරික්ෂාව හා ඇස් කණ්නාඩි ලබාදීම 2010 ඔක්තොම්බර් 17 වන දින පෙ.ව. 9.30 සිට ප.ව. 2.00 දක්වා වැල්ලවත්ත ශ්‍රී විජයාරාමයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

See More:
Home
About Us
Contact Us
Site Map