• මෙත් සවිය ඉදිරි වැඩසටහන්

  • 27Aug

    සාර්ථක ඉගෙනීම හා විභාග සමත් වීමේ නවීන ක්‍රමවේද වැඩමුළුව


    2012 මාර්තු 4 ඉරු දින - සාර්ථක ඉගෙනීම හා විභාග සමත් වීමේ නවීන ක්‍රමවේද වැඩමුළුව. මෙදින මාසික රැස්වීම වෙනුවට වසරකට වරක් මහාචාර්ය චන්දන ජයරත්න මහතා මෙත් සවිය සංසදයේ සාමාජිකයින් හා ඔවුන්ගේ දරුවන් සඳහා නොමිලයේ පවත්වන මෙම වැඩමුළුව ඉරිදා ප.ව. 1.00 සිට 5.00 දක්වා කොළඹ 07 ග්‍රීන් පාත් හිදි පැවැත්වේ. සාමාජික භවතා සමඟ පැමිණීම හෝ ලමුන් තනිව පැමිණෙන්නේ නම් උප්පැන්න සහතිකයේ පිටපතක් හා සාමජිකයාගේ ලිපියක් රැගෙන ආවිට නොමිලයේ සහභාගී විය හැකිය. එක් සාමාජිකයෙක් සඳහා එක් මුද්‍රිත සටහනක් පමණක් සැපයේ.
    සාමාජික නොවන සිසු සිසුවියන්ට හා වැඩිහිටි අයටද සහභාගි විය හැකි අතර මුද්‍රිත ද්‍රව්‍ය හා ශාලා ගාස්තු සඳහා යන බරපැන පියවීම සඳහා එක් අයෙකුට රු 500/= මුදලක් එදිනදී ආයෝජනය කලයුතු වේ.

    මේ සඳහා 2012-02-29 දිනට පෙර 071-401 4467 හෝ 011-250 5088 අමතා ලියා පදිංචි වන්න.
    වයස 12 ට වැඩි ඕනෑම අයෙකුට සහභාහි වී පාඩම් කිරීමේ නවීන ක්‍රම, වේගයෙන් ලිවීමේ කියවීමේ ක්‍රමවේද, ඉගෙනීමට බාධාවන මානසික රෝග හඳුනාගැනීම, මතකය වර්ධනය සඳහා ක්‍රියාමර්ග, බුද්ධි වර්ධන අභ්‍යාස, කාලසටහන් තැනීම, ස්වයං යෝජනා ක්‍රම හා විභාගයකදී සමත්වීමට පිළිතුරු ලියන පිළිවෙල ආදී වැදගත් කරුණු රාශියක් දැනගත හැකිය. මිනිසා විසින් උපතේ සිට මරණය දක්වාම නොකඩවා සිදුකරන ක්‍රියාවලියක් වන ඉගෙනීම නිසි පරිදි සිදු කරන අයුරු පැහැදිලි කරන මේ වැඩමුළුව ළමා හා වැඩිහිටි සියලු දෙනාටම වැදගත්ය.

    සාමාජික කණ්ඩායම් අංක 1 සිට 20 දක්වා මීට ඉහත මෙම වැඩසටහනට සහභාගී වී ඇති සාමාජිකයින් ඔවුන් වෙත ඇති මුද්‍රිත සටහන් රැගෙන ඒමට කාරුණික වන මෙන් ඉල්ල සිටිමි.

     
  •  

    ඊලග පිටුවට---

     
Upgrateing

For Better View
Last Update:2012/02/22