- අප ගැන
මෙත් සවිය
සංසදය නිරවුල්
මනසක් ඇති
වර්ධනය කරගත්
මානසික
ශක්තියක් සහිත
බුද්ධිමත්
ශ්‍රී ලාංකික
ජනතාවක් බිහි
කිරීමේ
අරමුණින් අරඹන
ලද
සාමාජිකයින්ගේ
එකතුවකි. ඒ ඒ
ක්ෂේත්‍රයන්ට
අදාළ
විශේෂඥයින්
උගතුන් ගෙන්වා
සාමාජිකයින්
දැනුවත් කරනු
ව ් විවිධ
වැඩසටහන්
මෙමගින්
පැවැත්වේ.
වැඩසටහනක්
සඳහා මාතෘකා
තෝරා ගැනීමද
සාමාජිකයින්ගේ
කැමැත්ත හා
ඉල්ලීම මත
සිදු කරනු
ලැබේ. සංසදය
විසින්
පවත්වනු ලබන
සාර්ථකව ඉගෙන
ගන්නා අන්දම
හා විභාග සමත්
වන අන්දම, කාල
කළමනාකරණය,
නායකත්වය,
ත්‍රෛමාසික
චිත්ත සංයම
අභ්‍යාස හා
භාවනා
වැඩසටහන් වැනි
ඒ ඒ කාල වලදී
පවත්වන
වැඩසටහන් සඳහා
සහභාගී වීමේ
වරප්‍රසාදය
සියලු
සාමාජිකයින්ට
හිමි වේ. මීට
අමතරව
සාමාජිකයන්ගේ
දැනුම හා
ශික්ෂණය
වර්ධනය කිරීම
සඳහා සෑම මාස
තුනකටම වරක්
ලංකාවේ
ප්‍රසිද්ධ
භාවනා
මධ්‍යස්ථානයකට
රැගෙන ගොස්
දාන - ශීල -
භාවනා වැඩ
සටහන්ද
පවත්වනු ලැබේ.
භාවනා
වැඩසටහන්
පැවැත්වීම
භාවනා
කථිකාචාර්ය
මෙත් සවිය
නිර්මාතෘ
ආචාර්ය චන්දන
ජයරත්න මහතා
විසින්
සිදුකරනු
ලබයි. අසරණ
සරණ සේවය,
සුනාමි විපතට
පත් අය සඳහා
සුභ සෙත
කඳවුරු 40කට
වැඩි
ප්‍රමාණයක්
පැවැත්වීම.
සත්ව හිංසනයන්
වැළැක්වීම
සඳහා 2550
බුද්ධ ජයන්තිය
වෙනුවෙන්
ප්‍රාණඝාතය
වලකමු සී.ඩී.
තැටි 2550ක්
පන්සල්වලට
2006/2007 වසර
තුල බෙදා
හැරීම හා
අතිගරු
ජනාධිපතිතුමන්
වෙත සත්ව
හිංසාව
වැළැක්වීමේ නව
නීති සකස් කරන
ලෙස ඉල්ලා
අත්සන්
ලක්ෂයකින්
යුතු ආයාචනයක්
සැකසීම.
මිරිසවැටිය
සලපතල මළුව
ගල් අල්ලා
ප්‍රතිසංස්කරණය
කිරීම ඇරඹීම
දඹාන හා
දිඹුලාගල ආදි
වාසීන්ගේ
නිවාස පිළිසකර
කිරීම අප
විසින්,
මෑතකදී කළ
තවත්
කර්තව්‍යන්ගෙන්
කීපයක් මීට
අමතරව පර්යේෂණ
අංශයක්
පිහිටුවා ඇති
අතර වෛද්‍ය
විෂයේ
සහයෝගයද
සහිතව භාවනාව
පිළිකා
රෝගීන්ගේ
අභිවෘද්ධිය
පිණිස කෙසේ
බලපාන්නේද
යන්න පිළිබඳව
මහරගම පිළිකා
රෝහලේදී
කෙරෙන
පර්යේෂණයන් මේ
දින වල දියත්
කර ඇත. සංසදයේ
ප්‍රධාන නිලතල
දරන විධායක
කමිටු
සාමාජිකයින්
මාංශ
භක්ෂණයෙන් හා
රහමෙර පානයෙන්
තොර දිවි
පැවැත්මක් ඇති
අය වීම
මෛත්‍රී
පෙරදැරිව
කටයුතු කරන
මෙම සංසදයේ
විශේෂත්වයකි.
මීළග චිත්ත
සංයම අභ්‍යාස
හා භාවනා
වැඩසටහන්
පිටුවෙන්
ලබාගන්න.
1. දාන - ශීල - භාවනා අනුකමිටුව
මෙම අනුකමිටුව මගින් සංසදය ආගමික වැඩසටහන්, සතුන් නිදහස් කිරීම, ත්රෛසමාසික දාන - ශීල - භාවනා වැඩ සටහන පැවැත්වීම හා පිළිකුත්තුව භාවනා මධ්යිස්ථානයේ නේවාසික භාවනා වැඩමුළු පැවැත්වීම සංවිධානය කරනු ඇත. පිළිකුත්තුව භාවනා අනුකමිටුව මගින් ගල් ගුහා 99 කින් යුත් පිළිකුත්තුව රජමහා විහාරයේ පැවැත්වෙන භාවනා කටයුතු සහ භාවනා මධ්යේස්ථානයේ ඉදිකිරීම සිදුකරනු ලබයි. කලහකාරී ලෝකයට මුහුණ දී ලෝභ - ද්වේෂ - මෝහයෙන් පුරවාගත් විසිරුණ සිත සාමාධිගත කරන වැඩසටහන් මගින් සාමාජිකයන් හට මානසික සහනය ලබාදීම මෙම කමිටුව පිහිටුවීමේ අරමුණයි.
2. අසරණ සරණ අනුකමිටුව
අසරණ භාවයට පත් සාමාජිකයින් හට සහ සාමාජික නොවන අයට පිහිටවීම මෙම කමිටුවෙන් සිදු කෙරේ. අප සිත් සතන් තුළ මෙත් කරුණා ගුණ වැඩීමට උදව් දීම සඳහා කටයුතු කිරීම මෙම අනුකමිටුවේ එක් අරමුණකි.
3. සුවසේවා අනුකමිටුව
අක්ෂි සායන, වෛද්යත කදවුරු, පැවැත්වීම සහ ප්රාමණ / විශ්ව ශක්ති රෝග සුව කිරීම ඇතුළු ශාරීරික සුවය ලබාදීමේ කටයුතු මෙම අනුකමිටුවේ එක් අරමුණකි.
4. අධ්‍යාපන,සගරා ප්‍රකාශන හා මාධ්‍ය කමිටුව
සාමාජිකයින් සහ එම පවුල්වල අයගේ අධ්යා පන මට්ටම හා දැනුම ඉහළ දැමීම සඳහා සුදුසු මාසික දේශන සංවිධානය කිරීම, සගරා ප්ර්කාශයට පත්කිරීම, සාර්ථකව ඉගෙන ගන්නා අන්දම පිළිබඳව වැඩමුළුව ඇතුළු විවිධ සම්මන්ත්රාණ සංවිධානය සහ සංසදයේ වැඩ කටයුතු පිළිබඳ මාධ්යප දැනුවත් කිරීම වැනි දෑ මෙම අනුකමිටුවෙන් සිදුකෙරේ.
5. සාමාජික පරෝපකාර හා ආර්ථිකය නගා සිටුවීමේ කමිටුව
සාමාජිකයින්ගේ සහ ළගම ඥාතීන්ගේ මරණයක් වූ විට උපකාර කිරීම, අඩු ආදායම් ලබන අයගේ ළමුන් සඳහා ශිෂ්යත්ව ලබාදීම, රැකියා සපයා දීම, ස්වයං රැකියා වල යෙදී සිටින අයගේ භාණ්ඩ ආදිය විකුණා දීමට අතහිත දීම යනාදි කටයුතු මෙම කමිටුව යටතේ සිදු කෙරේ. ආර්ථික අගහිගකම් නිසා තැවෙන අයට සහනය ලබා දීම මෙම කමිටුව පිහිටුවීමේ අරමුණයි.
මෙත් සවිය සාමාජිකයින්ට ඉහත කමිටුවලට බැදීමට අවශ්යම අයට කාර්යාලයට නාම යෝජනා ලබා දිය හැක.
ශ්‍රී විනයාචාර්ය ශ්‍රී ධර්ම රක්ෂිත වංසාලංකාර අතිපූජ්‍ය අහංගම ආනන්ද ස්වාමීන් වහන්සේ.
සංසදයේ ගරු අනුශාසක
ආචාර්ය චන්දන ජයරත්න මහතා K.P.S.C. (PHF)
සංසදයේ සභාපති
විද්‍යා කීර්ති, ශාසනදීපන, ලෝකාර්ථාචාරී විද්යාවාචස්පති දේශමාන්‍ය,
විශ්ව විද්‍යා අධිමානසික විද්‍යාවේදී නාලන්දා කීර්ති ශ්‍රී,
Snr. Lecturer in Physics, Department of Physics, University of Colombo, Colombo-03, Sri Lanka;
Course Coordinator-MSc Programme on Atmospheric Phy.,Dynamical Meteorology & Natural Disaster Preparedness-University of Colombo;
Sri Lankan representative and Board member-International Board on Astronomy and Astrophysics Olympiad;
Consultant to the Astronomy and Space Science Division, Arthur C. Clarke Institute for Modern Technologies, Moratuwa.
Contact: 0714-800800 or 0777309385 Contact-
ඉංජිනේරු සරත් ඉලංගතිලක මහතා
උප සභාපති
Contact -
නිහාල් මෙන්ඩිස් මහතා
උප සභාපති
Contact -
තුසිත දොඹගොඩ මහතා
සමලේකම්
Contact -
වාසනා රණසිංහ මහතා
භාණ්ඩාගාරික
Contact -
ජනක සුවඳරත්න මහතා
උප භාණ්ඩාගාරික
Contact -
එස්. කේ. කළුබෝවිල මහතා.
සංස්කාරක
Contact -
රංජිත් සොයිසා
කාරක සභිකවරු
Contact -
එස්. පී. ප්‍රියරත්න
කාරක සභිකවරු
Contact -
එස්. කේ. ප්‍රියන්ත
කාරක සභිකවරු
Contact -
ජනක සුවඳරත්න මහතා
කාරක සභිකවරු
Contact -
අසංක රත්නායක
කාරක සභිකවරු
Contact -
සහන් මොරවක
කාරක සභිකවරු
Contact -
නාලක එදිරිසිංහ
කාරක සභිකවරු
Contact
- See More:
- Home
- Project
- About Us
- Contact Us





